28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

යුක්‍රේන ආරක්‍ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි

Must read

යුක්‍රේන ආරක්‍ෂක උපදේශක කර්නල් වොලොඩයිමර් බකායි (Volodymyr Bakai) මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු විය.

කර්නල් වොලොඩයිමර් බකායි, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි යුක්ක්‍රේන තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ යුක්ක්‍රේන ආරක්‍ෂක, නාවික හා ගුවන් උපදේශක ලෙස ද කටයුතු කරනු ලබන අතර, මේ නිල හමුවේදී නාවික හමුදාපතිවරයා සහ යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශකවරයා අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් නිරත විණි. මේ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදු කෙරිණි.

More articles

Latest article