25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

රටේ අභියෝග ජය ගන්න ආණ්ඩුවට පුළුවන් – අමාත්‍ය බැසිල් රාජපක්ෂ

Must read

රට හමුවේ ඇති අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ පෙරේදා (21) ප්‍රකාශ කළ බව කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය මඟින් පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍යවරුන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

ඉන්ධන හිඟය, විදුලි අර්බුදය යනාදි කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙහිදී අදහස් දැක්වූ බව කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ’ට හෙළි කළේය.

අමාත්‍යවරුන්ගේ ප්‍රශ්නවලට සාවධානව කන් දුන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සියලු ගැටලු තාවකාලික ඒවා බවය.

එම ගැටලු විසඳීමේ හැකියාව ආණ්ඩුවට තිබෙන බැවින් කලබල නොවී සිටින්නැයි මුදල් අමාත්‍යවරයා සෙසු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

More articles

Latest article