25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ගාලු මුවදොරට කාලතුවක්කුවක්

Must read

කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට යයි.

එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සහ ඒ අසල තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ.

හෝටල් වැඩ බිමකින් මීට පෙර විශාල ප්‍රමාණයේ කාලතුවක්කුවක් සොයා ගැනිණ. ඉංග්‍රීසි පාලන සමයට අයත් එම කාලතුවක්කුව සංරක්ෂණය සඳහා ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කෞතුකාගාරයට පසුව රැගෙන යනු ලැබීය.

මේ ස්ථානයේ ඉදි කෙරෙන්නේ එම කාලතුවක්කුවේ අනුරුව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

More articles

Latest article