30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ඕනෑම වර්ජනයකට කලින් සාකච්ඡාවට එන්න – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Must read

ඕනෑම වර්ජනයක් කිරීමට පෙර තමන් සමඟ සාකච්ඡාවට පැමිණෙන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය. ගැටලුවක් විසඳීමට කාලය අවශ්‍ය බවත්, එම ගැටලුව විසඳීමට ඇතැම් විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ගැනීමට සිදු වන බවත් ඇමැතිවරයා කීවේය.

තමන් යටතේ පවතින ආයතනවල පවතින ගැටලු විසඳීමට සෑම දිනකම තමා උත්සාහ දරන බව ද කී ඇමැතිවරයා, කිසිම විටෙක දුම්රිය රියැදුරන්ට හිතුමතේ වර්ජනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බව ද පැවසීය. දුම්රියකට අවශ්‍ය රියැදුරු ප්‍රමාණයට වඩා එක් දුම්රියක් සඳහා රියැදුරන් වැඩිපුර ප්‍රමාණයක් යෙදවීමටත්, එක දුම්රියක් සඳහා නියාමකවරුන් වැඩිපුර සංඛ්‍යාවක් යෙදවීමටත් කටයුතු කිරීමෙන් දුම්රිය වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට තමන්ට විවිධ අංශවලින් දැන ගැනීමට ලැබී තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා, රාජ්‍ය මුදල් කළමනාකරණය පිළිබඳ ආයතන ඒ පිළිබඳ සලකා බලනු ඇති බවත් කීවේය.

More articles

Latest article