25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයින් ගැන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Must read

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.

එම ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් දිවයිනට පැමිණීමට මෙතෙක් කිසිදු ඉල්ලීමක් ද සිදු කර නොමැති බවයි විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

කෙසේ නමුත් එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බලන ලෙස තුර්කියේ අන්කාරහි පිහිටි තානාපති කාර්යාලය වෙත දැනුම් දුන් බවද ඔහු සදහන් කළේය. මේ වන විට එරට රැදී සිටින්නේ ශ්‍රී ලාංකිකයින් 50කටත් අඩු සංඛ්‍යාවකි. ඒ අතරට ඉගෙනුම ලබන සිසුන් පිරිසක්ද අයත්වේ.

ඔවුන් පිළිබඳ සොයා බැලීමට යුක්‍රේනයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයක් නොමැති වුවත් තුර්කියේ අන්කාරහි පිහිටි තානාපති කාර්යාලයෙන් අවශ්‍ය කටයුතු සිදු කෙරේ.

More articles

Latest article