ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමේ දුක්ඛප්‍රාප්තිය සිදුවූ මහ සිකුරාදා දිනය අදට යෙදී ඇත.
ලොව පුරා කිතුනු බැතිමතුන් අද (2) එම දිනය සමරා දේවස්ථානවල දී ආගමික වතාවත්වල නිරත වේ.
අලු බදාදා දින ආරම්භ වූ දින හතළිහක මර්දන ක්‍රියා කාල පරිච්ඡේදය පසුගිය ඉරිදා (ගොබ් ඉරිදා) කිතු සමිඳුන් ජයග්‍රාහි ලෙස ජෙරුසලම නගරයට සම්ප්‍රාප්තිය සමරමින් නිමා කෙරිණි.
මේ දින හතළිහ පුරා කිතුනු ජනතාව යාච්ඤාවෙන් එක්වරු ශීලය රැකීමෙන් දාන මාන ක්‍රියාවන්හි නිරත වෙමින් කිතු සමිඳු කුරුසිය ගමන සිහිපත් කෙරෙන පාද නමස්කාර යාගයන්හි නිරත වෙයි.
කිතු සමිඳුන් සිය ජීවිතය කුරුසිය මත පූජා කළ තුන්පෑ ධ්‍යානය අද සෑම දෙව්මැදුරකදීම පැවැත්වේ.
සිය එදිනෙදා දිවි පැවැතුම්හි සැප විහරණ අවස්ථාවන්ගෙන් වැළැකී බැතියෙන් පාස්කු සමය ගත කරන කිතුනුවන්ගේ විශේෂිතම දිනය ලෙස මහ සිකුරාදා සැලකෙයි.
දින තුනකට පසු පාස්කු ඉරු දින කිතු සමිඳාණන් මළවුන්ගෙන් නැගිටීම එනම් කිතු උත්ථානය සමරනු ලබන්නේ උත්සවශ්‍රීයෙනි.