29 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

වියත්මග සාමාජික විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගයට එක්වෙයි

Must read

වියත්මග සංවිධානය ක්‍රියාකාරිකයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගය පක්ෂයට එක් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු ඒ මහතා එහි උපදේශකයෙකු ලෙස පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“විශ්‍රාමික මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සහ වෘත්තීයවේදී සංගමයේ උපදේශකවරයකු ලෙස පත්කොට තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හිමිකර ගත් පළමු නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඉතිහාසයට එක්ව ඇති අතර ඒ මහතා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව, උසස් ආරක්‍ෂක කළමණාකරණ ඩිප්ලෝමාව, යුද හමුදා මාණ්ඩලික විද්‍යාලීය චිජ උපාධිය සහ චීනයේ ජාතික ආරක්‍ෂක උපාධිය ඉහළින් සමත්වී ඇත.

යුද පිටියේ දී සතුරා ඉදිරියේ දක්වන නිර්භීත භාවය උදෙසා පිරිනමන රණශූර පදක්කම හා රණවික්‍රම පදක්කමද, උසස් විනය පැවැත්ම වෙනුවෙන් පිදෙන උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් දොළහකින්ද ඔහු පිදුම් ලබා ඇත. 2012 වසරේ දී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙසින්ද උතුරේ අවතැන්වූවන් සඳහා වන නිසි බලධාරි ලෙසින්ද පත්වූ ඒ මහතා ජාති, ආගම්, කුල භේදයකින් තොරව සිදුකරන ලද ජාතික, ආගමික හා සාමාජීය සේවය අගයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් 2016 වසරේ දී ”දේශකීර්ති ලංකාපුත්‍ර” සම්මානය ඔහුට පුදන ලදී. හෙතෙම පුවත්පත් රැසක ආරාධිත නිදහස් ලේඛකයකු ලෙස ද කටයුතු කරයි.”

More articles

Latest article