මියන්මාරයේ අධිකරණයක් විසින් එරට හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 5ක සිරදඬුවමක් ලබාදී තිබේ.
මියන්මාර හිටපු නායිකාව, ඇයට එරෙහිව හොනුකර තිබූ “දූෂණ චෝදනා” සඳහා වැරදිකරු බව එම අධිකරණය නියෝගකර තිබුණි.
මියන්මාරයේ හමුදා නායකයින් විසින් එරට ජනවරමකින් පාලන බලය හිමිකරගත් ප්රජාතන්ත්රවාදී පාලනය පෙරලා දමා 2021 පෙබරවාරි මාසයේදී පාලන බලය හිමිකර ගත්තේය.
එතැන් සිට ඇයට එරෙහිව නඩු විභාග කිහිපයක් පැවැත්වුණි.
76 හැවිරිදි සුකී මේ වනවිට නිවාස අඩස්සියේ පසුවෙයි.