30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

හෙට දිවයින පුරා වැඩවර්ජන

Must read

ආණ්ඩුවට විරෝධය පළ කරමින් හෙට (28)දිනයේ “සමස්ත මහා වැඩවර්ජනය” නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එම එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් වසන්ත සමරසිංහ මහතා,

“ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ගේ හඬට කන් නොදී හිතුවක්කාර ගමනක් යන්න සුදානම් වෙනවා. ඒ නිසා මේ රටේ වැඩකරන ජනතාව හැටියට ආණ්ඩුවට කියන්න තමයි මේ 28 වනදා අපි වර්ජනය ක්‍රියාත්මක කරන්නේ. ගෝල්ෆේස් එකේ සටන් වඳින තරුණයෝ තමන්ගේ අනාගතය ඉල්ලලා මේ සටන් වඳින්නේ. පාලකයාට කියන්නේ ගෙදර යන්න කියලා. ඒ අය ගෙදර නොයා එහා පැත්තේ ඉඳන් ආණ්ඩුව කරනවා. මෙහා පැත්තේ සටන දිහා බලාගෙන. අපි ආණ්ඩුවට කියනවා වැඩකරන පන්තිය තවදුරටත් බස් එකේ එන්න බැරුව ත්‍රීවිල් එකේ ඇවිත් වැඩකරන්න බෑ. කඩෙන් කාලා වැඩකරන්න බෑ. මේ පඩියෙන් ජීවත් වෙන්න බෑ. 28 වනදා සමස්ත මහා වැඩවර්ජනය මේ රටේ සියලු වැඩකරන පන්ති ඒකාබද්ධව අපි කරනවා. වැඩවර්ජනයෙන් පස්සේ 6 වනදා කැඳවලා තියෙනවා හර්තාලයක්”

හෙට පැවැත්වෙන වර්ජනයට සහ ඒකාබද්ධ හර්තාලයකට වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් එකඟතාවය පළ කර ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

More articles

Latest article