25 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

ස්පුට්නික් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

Must read

ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ ‘ස්පුට්නික් V’එන්නත ගබඩා කළ යුත්තේ ඍණ 20ක වැනි උෂ්ණත්වයක බවය.

එම එන්නත ගබඩා කර ඇති ස්ථානයෙන් පිටතට ගෙන පැය 2ක් වැනි කාලයක් තුළ ජනතාවට ලබාදිය යුතු බවත් පැවසු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මුල් වතාවට එන්නත් 15,000 ගෙන්වනු ලැබුවේ මෙරට තියෙන යටිතල පහසුකම් හා එන්නත ගලපා ගැනීමට හැකිවේ ද යන්න සලකා බැලීමට බව ද පැවසූවාය.

“මේ වන විට 11,334කට කොළඹ, ගොතටුව හා කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සාර්ථකව අපි එන්නත්කරණය කරලා ඒ වාර්තා රුසියාවට යැවුවහම තව සති දෙකකින් අපිට ‘ස්පුට්නික් V’මාත්‍රා ලක්ෂ 6ක් ලැබීමට නියමිතයි.“

More articles

Latest article