සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “කිඹුලා ඇලේ ගුණා” ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 440ක්, හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සහ විදේශීය රටක නිෂ්පාදිත M67 වර්ගයේ ජීව අත්බෝම්බයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 ක් වන මාදම්පිටිය පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අංගමුත්තු රාජා නොහොත් හයිකෝට් රාජා සහ වයස අවුරුදු 32 ක් වන නාගරාජා රෝබින් නික්ලස් යන පුද්ගලයන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.