28.2 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

සොලමන් දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ

Must read

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය.

භූමි කම්පාවේ ප්‍රබගත්වය සහ එය හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින් අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණි. භූමි කම්පාවෙන් නිවාස සහ දේපොල රැසකට හානි සිදුවිය.

තත්පර 20 ක් තිස්සේ භූමි කම්පාව පැවැති අතර සොලමන් දූපත් වැසියන් මහත් සේ බියට පත් වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හානි හෝ තුවාල ලැබූවන් ගැන හෝ තවමත් කිසිවක් වාර්තා වී නැත.

සොලමන් දූපත් පිහිටා ඇත්තේ ඕස්ෙට්‍ර්ලියාවට සහ නවසීලන්තයට ඉහළිනි. ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත් 900 ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. ලෝක බැංකු වාර්තා අනුව සොලමන් දූපත් රාජ්‍යයේ ජනගහනය 7,03,995 කි. හොනියාරා යනු සොලමන් දූපත් රාජ්‍යයේ අගනුවරය.

More articles

Latest article