30 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට කොමිසමෙන් කැඳවීමක්

Must read

පළාත් පලාන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් අද (24) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වේ.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ද ඊයේ (23) මධ්‍යම රාත්‍රි 12 අවසන් වුණි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය.

More articles

Latest article