30 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

චීනය දුන් ණය සහතිකය ප්‍රමාණවත් නොවන බව අමෙරිකාව කියයි

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම මෙරටට ලබාගැනීම සඳහා චීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා IMF ප්‍රමිතීන්ට ගැලපෙන විශ්වාසනීය සහ නිශ්චිත සහතිකයක් ලැබිය යුතු බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බවත් සහකාර රාජ්‍ය ලේකම්වරියවරිය එහිදී සඳහන් කළාය.

සහකාර රාජ්‍ය ලේකම්වරිය ඊයේ (31) දිනයේදී දිවයිනට පැමිණි අතර අද (01) රාත්‍රියේදී ඇය කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව අද දිනයේදී වික්ටොරියා නූලන්ඩ් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ අතර ඉන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වුණි.

More articles

Latest article