තුර්කියේ සිදු වූ භූමිකම්පා මාලාවකින් සිදු වූ ඛේදනීය ජීවිත හානි, තුවාලකරුවන් සහ විනාශයන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තුර්කි ජනාධිපති ටයියිප් එර්ඩෝගාන් මහතාට දුරකතනයෙන් අමතා කනගාටුව පළ කළේය.
සිදු වූ දෙයින් තමා කම්පනයට පත් වූ බව සඳහන් කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තුර්කියේ ජනතාවට විශේෂයෙන් වියෝ වූවන්ගේ පවුල්වලට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එහිදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුර්කියේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින අතර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට හමුදා නිලධාරීන් කණ්ඩායමක් එවීමට සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.