32 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ කාර්යය සාධක කමිටු රැස්වීම මගින් මැණික් ව්‍යාපාරිකයන්ට සහන රැසක්

Must read

මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ කාර්යය සාධක කමිටුවේ ප්‍රථම රැස්වීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ හා මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මැණික් අපනයනයේ දී හා ආනයනයේ දී ඇතිවන ගැටළු වලට විසදුම් ලබාදීමත් විදේශීය වෙළදපල තුල ශ්‍රී ලංකාවේ මැණික් සම්පත වෙනුවෙන් ඇති ඉල්ලුම ප්‍රවර්ධනය කිරීමටත්, වෙළද ප්‍රජාව මුහණපාන ගැටලු සධාරණීය ලෙස විසදාගැනීමටත් මෙම හමුව මහත් ප්‍රයෝජනය විය.මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායමෙන් ලැබෙන දායකත්වය ඇගයීමට ලක් කරන ලද අතර, 2021 වර්ෂයේ ඇ.ඩො. බිලියන 1ක අපනයන ආදායමක් ඉපයීමට හා 2025 වර්ෂය අවසන් වන විට ඇ.ඩො. බිලියන 5ක අපනයන ආදායමක් ලබාගැනීමට ඉලක්ක ගත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ ඇමතිතුමාගේ අදහස විය.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටඑ මැණික් හා ස්වර්ණාභරණ සංගම් විසින් ඉදිරිපත් කරන ලද අතර, එම ගැටඑ සඳහා වන කෙටි කාලින හා මධ්‍යකාලීන විසදුම් හදුනා ගන්නා ලද අතර, එකි විසදුම් ක්‍රියාමාර්ගයන් කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා නිලධාරීන් ඇතුඑ සියලු දෙනා කැපවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා අවධාරනය කරන ලදි.

• මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම මත පනවා ඇති 14% ක ආදායම් බද්ද ඉවත් කිරීම.

• අන්තර්ජාලය හරහා සිදු කරන අලෙවි කටයුතු (online trading) සදහා වන ඇ.ඩො. 1000 සීමාව ඇ.ඩො. 3000 දක්වා වැඩි කිරීම.

• ශ්‍රි ලංකාවට වැඩි වශයෙන් රඑ මැණික් ආනයනය කරන රටවල් වන මැඩගස්කරය, ටැන්සානියාව හා ඉතියෝපියාව වැනි රටවල්වලට යාම සඳහා එම රටවල් දක්වා ගුවන් ගමන් පහසුකම් දීර්ඝ කිරීම.

• චීනයේ ශ්‍රී ලංකා බැංකු ශාඛා ස්ථාපිත කිරීම.

• ජාත්‍යන්තර මට්ටමේ මැණික් හා ස්වර්ණාභරණ වෙන්දේසි, ප්‍රදර්ශන හා වෙළඳ සල්පිල් පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමට කටයුතු කිරීම.

මෙම ප්‍රථම මැණික් හා ස්වර්ණාභාරණ අපනයනය සම්බන්ධ කාර්යය සාධක කමිටු රැස්වීමේ තීරණය කරන ලදී.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන් මහතා ඇතුඑ මහ බැංකුවේ ඉහළ නිලධාරීන්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, විදේශ කටයුතු අමාත්‍යාංශය, රේගුව, සංචාරයක අමාත්‍යාංශය හා ගුවන්සේවා අධිකාරිය විවිධ අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුඑ නිලධාරීන් සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන්ගේ සංගම්වල නිලධාරීන් සහභාගී විය.

More articles

Latest article