27 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක්

Must read

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමයේ සභාපති ශාන්ත ගමගේ මේ බව පැවසීය.

එසේම ඊයේ (15) ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී පළවූ අදහස් පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

එහිදී තම සංගමය නැවත වාහන ආනයනය කිරීම පිළිබඳව ඉල්ලීමක් කළද ඒ සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණ බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට සිදුවන භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමුකරන බවට මහ බැංකු අධිපතිවරයා තම සංගමයට පොරොන්දුවක් ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශාන්ත ගමගේ වැඩිදුරටත් පැවසුවේ එලෙස පොලී අනුපාත අඩුවීමක් සිදුවුවහොත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළ ආරක්ෂා වනු ඇති බවය.

එසේම වෙළෙඳපොළේ පවතින වාහන මිලදීගැනීමේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසට පාරිභෝගික ජනතාවගෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී

More articles

Latest article