28 C
Colombo
බදාදා, මැයි 8, 2024

දිලිත් ජයවීරගේ ව්‍යවසායකත්ව රාජ්‍යයට චම්පිකත් එකතු වෙයි

Must read

ප්‍රකට ව්‍යාපාරික හා මාධ්‍ය හිමිකරු දිලිත් ජයවීර මහතා අරමුණ නම් සංවිධානයක් හරහා ව්‍යවසායක සමුළු පවත්වමින් පසුගිය මාස කිහිපය දීප ව්‍යාප්තව ව්‍යවසායකත්වය හා ආර්ථිකය ‍යථාවත් කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කළේය. මෙය ඔහුගේ දේශපාලන අරමුණක් සඳහා සිදුකරනු ලබන වැඩසටහනක් බවටත් කතිකාවක් ඇතිවිය.

හදිසියේම පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ දේශපාලන සංවිධානය වන 43 සේනාංකයද පසුගිය සෙනසුරාදා (25) දින මොනාක් ඉම්පිරියල් උත්සව ශාලාවේදී ව්‍යවසායකත්ව වැඩමුළුවක් පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස දිලිත් ජයවීර මහතා සහභාගි වීම කැපී පෙනුණි.

දිලිත් ජයවීර මහතාගේ ව්‍යවසායකත්ව රාජ්‍යය මූලික කොට දීප ව්‍යාප්ත දේශපාලන අරමුණක් සහිත වැඩසටහන සමග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාද එකතු වී ඇතැයි කතාබහක් ඇතිවී තිබෙන බව ආරංචිමාර්ග තහවුරු කරයි.

More articles

Latest article