26 C
Colombo
සිකුරාදා, මැයි 10, 2024

දුශ්කර පාසල් 2600 ක  ළමුන්ට පොත්පත් පාසල් උපකරණ ලබාදෙන LOLC දිවි සවිය වැඩසටහන රටපුරා ගමනේ

Must read

අප රටේ දූ දරුවන්ට පොත් පත්, පෑන් පැන්සල් සහ අනෙකුත් අධ්‍යාපන උපකරණ ලබා දෙන LOLC  සමාගම සිදුකරන දිවි සවිය වැඩසටහන දින 50 ක් සම්පූර්ණ කර තිබෙනවා.

එම දිවි සවිය වැඩසටහන යටතේ අප රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස තෝරාගත් දුෂ්කර පාසල් 2671 එකක් පුරාවට මෙම වැඩසටහන  ක්‍රියාත්මක වනවා. එම පාසල් සියල්ලම දරුවන් 100 අඩු ප්‍රමාණයක් සිටින දුෂ්කර පාසල්.

LOLC  සමාගමේ උප සභාපති ඉශාර නානායක්කාර  මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම දිවි සවිය වැඩසටහන වෙනුවෙන් LOLC සමාගම සිදු කරන ආයෝජනය රුපියල් බිලියන 1.5 වඩා වැඩියි.

මෙම දිවි සවිය වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් LOLC  සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා පැවසුවේ, ” මෙම ව්‍යාපෘතිය මගින් රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අයිතියක්, බලාපොරොත්තුවක් සහ ඔවුන්ගේ උපරිම හැකියාවෙන් දියුණු වීමට දැක්මක් ලබා දෙනු ඇති බවට LOLC සමාගම  විශ්වාස කරන බවයි”.

රටේ මහජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී වැඩ කරන LOLC සමාගම මීට පෙරත් ඔවුන්ගේ දිවිසවිය වැඩසටහන් යටතේ කෝවිඩ් වසංගතය රටපුරා පවතින අවස්ථාවේ  මුළු රටම ආවරණය වන ආකාරයෙන් ජනතාවට යලි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළා.

More articles

Latest article