26 C
Colombo
ඉරිදා, මැයි 12, 2024

අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

Must read

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම් මූල්‍යනය කිරීම

රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආනයනය කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය සහ ආපදා අවම කිරීමේ පියවර මඟින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල විෂය පථයන් සංශෝධනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් කඩිනමින් සලසා දීමට එම බැංකුව විසින් එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක සහ ආපදා අවම කිරීමේ පියවර මඟින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා යොදා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

More articles

Latest article