25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නව නීතිපති ලබන සතියේ වැඩ බාර ගනී

Must read

නව නීතිපතිවරයා වශයෙන් පත්ව සිටින ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ලබන සතියේදී එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි .

ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද අධිකරණ ඇමැතිවරයා කීය .

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන 24 වැදාදා එම ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිතය .

ලිවේරා මහතා නීතිපති තනතුරට පත්වූයේ 2019 වර්ෂයේ මැයි 10 වැනිදාය .

වසර දෙකක පමණ කාලයක් නීතිපති ධූරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන එම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා යෝජනා කර තිබිණ .එම යෝජනාව පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු සභාව ඒකමතිකව අනුමත කළේය .

More articles

Latest article