28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

අය-වැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද

Must read

එළැඹෙන 2023 වසර සඳහා වන අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (22) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

2023 වසර සඳහා වන අය-වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවැනිවර කියැවීමේ විවාදය 15 වැනිදා සිට ආරම්භ විය. අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදයේ දින හත අවසන් වීමෙන් පසුව අද (22) පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදු කෙරේ.

ඉන් පසුව හෙට (23) සිට කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවැනිවර කියැවීමේ විවාදය ආරම්භ වන අතර එම විවාදය දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වේ. තෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 08 වැනිදා අවසන් වීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම එදින පස්වරු 7.00 ට පැවැත්වේ.

More articles

Latest article