34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

“එකම තීරයක් එකම මාවතක්” සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න: “BRI සමගින් ශ්‍රී ලංකාවට වඩා යහපත් අනාගතයක්”

Must read

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා එකම තීරයක් එකම මාවතක් “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් ” (BRI) විසින් ඉටු කරනු ලබන සාධනීය කාර්යභාරය අගය කරමින් එකම තීරයක් එකම මාවතක් “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් ” ශ්රී ලංකා (BRISL) විසින් දෙසැම්බර් 27 වැනිදා සිට 29 වෙනිදා දක්වා කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී BRI සහ ශ්රී ලංකාවට වඩා යහපත් අනාගතයක්” යන්න තේමා කරගනිමින් තෙදින සම්මන්ත්රණයක් පවත්වන ලදී. මෙම ව්යාපෘතිය පිළිබඳදුර්මත දුරු කිරීම, නිශේධනාත්මක වාගාලාප මුලිනුපුටා දැමීම සහ BRI හරහා ශ්රී ලංකාවට ඇති බලපෑම පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්රණය විශ්ව විද්යාල සිසුන්, විද්වතුන් සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර සංවාද සහ සාකච්ඡා සඳහා මඟ පාදමින් කොළඹ නගර මධ්යයේ පිහිටි චීන-ශ්රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්යාපෘති වෙත සිදු කරන ලද ක්ෂේත්ර චාරිකා හරහා කෙරුණු ඉදිරිපත් කිරීම් සහ අත්දැකීම් බෙදාගැනීමේ අභ්යාස වලින් සමන්විත විය. සහභාගීවූවන්ට කොළඹ ජාත්යන්තර බහාලුම් පර්යන්තය (CICT) සහ කොළඹ නෙළුම් කුළුණ වැනි ව්යාපෘති පරිශ්ර නැරඹීමට සහ ජාත්යන්තරව පිළිගත් BRI ව්යාපෘතිවල මෙහෙයුම් ගතිකත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලයේ ජ්යේෂ්ඨ සාමාජිකයින් සමඟ එක්ව මහජනතාවට විවෘත නොවන අභ්යන්තර මෙහෙයුම් නිරීක්ෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන ලදී. තවද, මෙම සම්මන්ත්රණය මඟින් සහභාගිවූවන්ට අනාගතයේදී තම රැකියා අපේක්ෂාවන් අනුව වෘත්තීය සාර්ථකත්වයක් ලැබීම සඳහා අවශ්යවන වෘත්තීය කුසලතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. BRI සම්මන්ත්රණ මාලාව පැවැත්වීම ඔස්සේ දිවයිනේ සියලුම ප්රදේශ නියෝජනය කරන උපාධි අපේක්ෂකයින්ට BRI පිළිබඳ විචාරශීලී ලෙස සාකච්ඡා කිරීමට සහ විෂයානුගත දෘෂ්ටිකෝණයන් නිර්මාණය කිරීමට අවස්තාව සලසාදීමට අදහස් කෙරේ.

රුහුණු විශ්වවිද්යාලයේ මානව ශාස්ත්ර හා සමාජ විද්යා පීඨයේ ආර්ථික විද්යා අධ්යයන අංශය, කැලණිය විශ්වවිද්යාලයේ සමාජ විද්යා පීඨයේ ජාත්යන්තර සබඳතා අධ්යයන අංශය, කොළඹ විශ්වවිද්යාලයේ කලා පීඨයේ ජාත්යන්තර සබඳතා අධ්යයන අංශය, සහ ශ්රී ලංකා නැගෙනහිර විශ්වවිද්යාලයේ කලා හා සංස්කෘතික පීඨයේ ආර්ථික විද්යා අධ්යයන අංශය, වාණිජ හා කළමනාකරණ පීඨයේ ආර්ථික විද්යා අධ්යයන අංශය ඇතුළු දිවයින පුරා පිහිටි රාජ්ය විශ්වවිද්යාලවල උපාධි අපේක්ෂකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම දැනුවත්කිරීමේ සම්මන්ත්රණය පැවැත්විණි.

කොළඹ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ව්යාපාරික කටයුතු පිළිබඳ ප්රධානී හූ වෙයි මහතා, පැමිණි ශිෂ්ය දූත පිරිස උණුසුම් ආචාරයකින් පිළිගත් අතර දෙසැම්බර් 26 වන දින කොළඹ ෂැංග්රිලා හෝටලයේදී රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වීය. මෙම අවස්ථාවෙහිදී සිය අදහස් ඉදිරිපත් කරමින් වෙයි මහතා, පොදුවේ ශ්රී ලාංකිකයන් අතර මෙම ව්යාපෘති සම්බන්ධයෙන් ඇති දැනුමෙහි අඩුපාඩු අවම කිරීමට සහ දිවයිනේ BRI ව්යාපෘති පිළිබඳ ඒ අයගේ අදහස් දැනගැනීමටත් BRISL විසින් දියත් කොට ඇති මෙම වැඩසටහන අගය කළ අතර ශ්රී ලංකාව BRIහි ප්රධාන කලාපීය ප්රතිලාභියෙකු ලෙස පෙනී සිටීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා විශ්වවිද්යාල සහ ශාස්ත්රාල්යීය මට්ටමින් විද්වත් සාකච්ඡා අවශ්ය බව හඳුනා ගත්තේය. BRISL හි මායා මජුරාන් කේ මහතා උපාධි අපේක්ෂකයින්ට BRI හි උපාය මාර්ගික ව්යාපෘති සම්බන්ධ ප්රායෝගික අත්දැකීම් ලබා දීමේදී සම්මන්ත්රණයේ වැදගත්කම අවධාරණය කළේය. සත්ය තොරතුරු මත පදනම්ව ශ්රී ලංකාව BRI හවුල්කරුවෙකු වීමේ වැදගත්කම අධ්යයනය කරන ලෙසද ඔහු සහභාගිවන්නන්ට ආරාධනා කළේය.

තෙදින සම්මන්ත්රණය ජාත්යන්තර සබඳතා සහ ආර්ථික විද්යාව පිළිබඳ විෂයයන් පිළිබඳ ප්රවීණ විද්වතුන් සහ වෘත්තිකයන් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම්වලින් ද සමන්විත වූ අතර, ඔවුන්ගේ විශ්ලේෂණාත්මක හා අවබෝධාත්මක ඉදිරිපත් කිරීම් සහ දැනුම බෙදාගැනීම සහභාගිවන්නන් අතර හරවත් සාකච්ඡා ඇතිවීම දිරිගැන්වූයේ ය. සම්මන්ත්රණ මාලාවේ පළමු දිනයේ දී කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ කොළඹ විශ්වවිද්යාලයේ ජාත්යන්තර සබඳතා අධ්යයන අංශයේ රාජ්යතාන්ත්රික ඉතිහාසඥ සහ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජෝර්ජ් කුක් විසින් චීන-ශ්රී ලංකා සබඳතා පිළිබඳ ඓතිහාසික සාක්ෂි ගෙනහැර පාමින් සම්මන්ත්රණයේ දිශානතිය සඳහා පදනම සකස් කරන ලදී. BRI සහ චීනයේ ආයෝජන නව සංසිද්ධියක් ලෙස සලකන ආකාරය පිළිබඳ පවතින වැරදි මත සම්බන්ධයෙන් ද මෙම ඉදිරිපත් කිරීම් මගින් හෙළිදරව් විය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්රතිපත්ති විශ්ලේෂක සහ ආර්ථික විද්යාඥ ආචාර්ය වාගීෂ ගුණසේකර සහ ශ්රී ලංකා මහ බැංකුවේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සභාපති සහ කොළඹ විශ්ව විද්යාලයේ ආර්ථික විද්යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරු, සම්මන්ත්රණයේ දෙවන දිනයේ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම්වලදී ආයෝජන, ණය සහ ප්රදානයන් සම්බන්ධයෙන් වෙනස හඳුන්වා දුන්හ. චීනයේ ප්රධාන වෙළඳ හවුල්කරුවෙකු ලෙස අප රට ඉහල මට්ටමක ස්ථානගත කිරීමේදී ශ්රී ලංකාවට BRIහි වැදගත්කම, ණය සහ සංවර්ධන ව්යාපෘති, ශ්රී ලංකාවේ අවශ්යතා සපුරාලමින් වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා ශ්රී ලංකාවේ යටිතල පහසුකම් එහි කලාපීය මිත්ර රටවල්වල තත්ත්වය හා සසඳා බැලීම සහ විදේශයන්ගෙන් වඩා හොඳ ප්රතිලාභ ලබා ගැනීම සඳහා දුර දක්නා, ස්ථාවර ජාතික ප්රතිපත්තිවල අවශ්යතාවය කථිකයෝ අවධාරණය කළහ.

සම්මන්ත්රණයේ තුන්වන දිනයේදී කොළඹ විශ්වවිද්යාලයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා සහ ෆ්රොන්ටියර් රිසර්ච් හි ආර්ථික පර්යේෂණ ප්රධානී තිළිණ පඬුවාවල මහතා විසින් “2000 වකවානුවේ මැද භාගයේ සිට ශ්රී ලංකාවට චීන ණය ලබාදීමේ විකාශනය – යථාර්ථයෙන් මිථ්යාව වෙන් කිරීම” යන මැයෙන් සිය පර්යේෂණ පත්රිකාව ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් තහවුරු කළේ ශ්රී ලංකාවේ විදේශ ණයවලින් 19.6% ක් චීන මූල්ය ආයතනවලට ගෙවිය යුතු බවයි. එය බොහෝ විට අප සිතනවාට වඩා වැඩි අගයකි. කෙසේ වෙතත්, චීනය ශ්රී ලංකාවට ලබා දෙන මූල්ය ආධාර සහ ණය බොහෝ විට වැරදි ලෙස වාර්තා කරන පරිදි කිසිදු ‘සැඟවුණු ණයක්’ නොමැති බව එම පර්යේෂණ පත්රිකාව ඔස්සේ අවධාරණය කරන ලදී. සම්මන්ත්රණයේ අවසාන ඉදිරිපත් කිරීම සිදු කරමින්, ශ්රී ලංකාව තුළ යටිතල පහසුකම් ගොඩනැගීම තුළින් දේශීය ශ්රම බලකායට වක්රව ප්රතිලාභ සැලසෙන අතර තාක්ෂණය සහ කුසලතා හුවමාරුව සහ අත්දැකීම් බෙදාගැනීම තුළින් BRI කටයුතු සඳහා පහසුකම් සැලසී ඇති ආකාරය පිළිබඳ දළ විශ්ලේෂණයක්, චීන රාජ්ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ (CSCEC) ජාත්යන්තර හා දකුණු ආසියාවේ නියෝජ්ය සාමාන්යාධිකාරී චෙන්ග් හුවාකියාන්ග් මහතා සහ කැණීම් ඉංජිනේරු කනිෂ්ක චතුරංග මහතා එක්ව ඉදිරිපත් කළහ. මෙම ඉදිරිපත් කිරීම් සියල්ල අවසානයේ BRISL හි ආරම්භක අධ්යක්ෂවරුන් වන යසිරු රණරාජා මහතා සහ මායා මජුරාන් කේ මහතා විසින් සහභාගික ප්රශ්නෝත්තර සැසියක් මෙහෙයවන ලදී. ශිෂ්ය නියෝජිතයින් ප්රශ්න ඉදිරිපත් කිරීම, සාකච්ඡා ආරම්භ කිරීම සහ ඉදිරිපත් කිරීම් විචාරශීලීව විශ්ලේෂණය කිරීම, වැනි විවිධ ආකාරවල මැදිහත්වීම් ඔස්ස්සේ සාකච්ඡා සඳහා ක්රියාකාරීව සහභාගී වූහ.

ප්රායෝගික දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අදහසින් සහ BRI ආශ්රිත ආයෝජන සහ ව්යාපෘතිවල ප්රතිලාභ සම්බන්ධයෙන් සහභාගිකයින්හට තමාගේම වැටහීම තුලින් අවබෝධ කරගැනීමට ඉඩ සලසා දීම සඳහා, තෙදින සම්මන්ත්රණයේ පස්වරු සැසි ක්ෂේත්ර චාරිකා සඳහා වෙන් කරන ලදී. හුවාවී ටෙක්නොලොජීස් ලංකා හි, ව්යවසාය ව්යාපාර සම්බන්ධ නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී ලියම් ලියෑන්ග් මහතා, මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අධ්යක්ෂ ක්රිස්ටෝපර් ලී මහතා, ව්යවසාය ව්යාපාර සඳහා විසඳුම් ප්රධානී නදුන් ගුණවර්ධන මහතා සහ ජ්යෙෂ්ඨ මානව සම්පත් මෙහෙයුම් කළමනාකරු සමීර ඇන්ටනි මහතා විසින් රටේ ඩිජිටල් බෙදීම සීමා කිරීමට සහ රාජ්ය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ අත්යවශ්ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමට මෙම තාක්ෂණික සේවා සපයන සමාගමේ අඛණ්ඩ වැඩ කටයුතු පිළිබඳව උපාධි අපේක්ෂකයින් දැනුවත් කරන ලදී. කොළඹ වරාය නගරයේ ආයෝජන ප්රවර්ධන සහ අලෙවිකරණ (දකුණු ආසියාව) ප්රාදේශීය කළමනාකාර නිකොල් දුනුවිල මහත්මිය සහභාගිකයන් සමඟ ව්යාපෘති පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර, එම ස්ථානය ලෝක මට්ටමේ වාණිජ හා නේවාසික මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අනාගත දැක්ම පැහැදිලි කළාය. කොළඹ නෙළුම් කුළුණේදී, චීන ජාතික ඉලෙක්ට්රොනික ආනයන සහ අපනයන සංස්ථාවේ අඩවි කළමනාකරු, ජියාඕ සිචඕ මහතා, නෙළුම් කුළුණ බලගන්වන සංකීර්ණ මෙහෙයුම් සියැසින් දැක බලා ගැනීම සඳහා සීමිත ප්රවේශ අවසර ඇති පාලන මැදිරි වෙත ප්රවේශය ලබා දුන්නේය. CICT හි ප්රධාන විධායක නිලධාරී ජැක් හුවාං මහතා දූත පිරිස ආචාර සමාචාර සහිතව පිළිගත් අතර CICT හි ගනුදෙනු පිළිබඳ ඔහුගේ විශේෂඥ දැනුම සහ ශ්රී ලංකාවට එහි උපායමාර්ගික වටිනාකම වැඩි වෙළෙඳාම සඳහා රාජ්ය ක්රියාකාරීන් සමඟ වඩා හොඳින් ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් සිය අදහස් බෙදා ගත්තේය. CICT හි මූල්ය කළමනාකරු දොන් ජයවර්ධන මහතා, පරිපාලන අංශයේ සාමාන්යාධිකාරී ග්රාන්ට් යැං මහතා සහ වාණිජ අංශයේ නියෝජ්ය කළමණාකාර චන්දිම සෙනෙවිරත්න මහතා ද ශ්රී ලංකා ආර්ථිකයට CICT හි දායකත්වය පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදී. BRI හි කොටසක් ලෙස එක් එක් පරිශ්රවල මෙහෙයුම් සහ ඒවායේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගනිමින්, අනාගත අධ්යයන සහ රැකියා අපේක්ෂාවන් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වීමට උපාධි අපේක්ෂකයින් දිරිමත් කරන ලදී.

කොළඹ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, සම්පත් දායකයන් සහ මාධ්යවේදීන්ගේ සහභාගිත්වයෙන් තෙදින සම්මන්ත්රණයේ සමාප්ති උළෙල දෙසැම්බර් 29 වැනි දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. සම්මන්ත්රණයට සියලුම විශ්ව විද්යාල නියෝජනය කරමින් සහභාගීවූවන් විසින් සම්මන්ත්රණයේ ගුණාත්මක භාවය සහ ස්වභාවය පිළිබඳව අදහස් දක්වන ලද අතර, BRI සහ ශ්රී ලංකාවේ සංවර්ධන අභිලාෂයන් තුළ එහි භූමිකාව පිළිබඳ ප්රමාණාත්මක, අපක්ෂපාතී සහ දැනුවත් අදහස් හැඩගැස්වීමට ඉඩ සැලසීම සඳහානිශේධනීය ලෙස බලපානු ලබන, නිසි කරුණු රහිතව ඉදිරිපත් කරන වාගාලාප සහ චෝදනා, මෙරට රාජ්ය බලය හොබවන පාර්ශ්වයන්ගේ අවශ්යතා ඉටු කරන ආකාරයන් පිළිබඳ මෙහි පැමිණි විද්වතුන් විසින් වෛෂයික හා විචාරශීලී සාකච්ඡා සඳහා සක්රීයව සම්බන්ධවන ලදී. සහභාගී වූ සම්භාවනීය අමුත්තන්, ප්රධාන ධාරාවේ ආඛ්යානවලින් ඔබ්බට යන මූලාශ්ර පරාසයක් භාවිතා කරමින් ඔවුන්ගේ දැනුම පරිශීලනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට මෙන්ම “අන්යෝන්ය ප්රතිලාභ සහ ජයග්රාහී සහයෝගීතාව” සඳහා BRI – ශ්රී ලංකා හවුල්කාරිත්වයේ තානාපතිවරුන් ලෙස ක්රියා කිරීමට උපාධි අපේක්ෂකයින් දිරිමත් කළහ.

කොළඹ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අගනා සහයෝගය ඇතිව BRISL විසින් ද්විවාර්ෂික සම්මන්ත්රණ මාලාවේ පළමුවැන්න මේ අයුරින් සාර්ථකව සංවිධානය කරන ලදී. ශ්රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය, කොළඹ ජාත්යන්තර බහාලුම් පර්යන්තය, චයිනා හාබර් එන්ජිනියරින් කම්පැනි, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් කම්පැනි ලිමිටඩ්, චෙක් පෝර්ට් සිටි කලම්බෝ පුද්ගලික සමාගම, හුවාවී ටෙක්නොලොජීස් ලංකා පුද්ගලික සමාගම, කොළඹ නෙළුම් කුළුණ, සහ චීන රාජ්ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාව විසින් කාරුණිකව මෙම කටයුත්ත සඳහා සහයෝගය ලබා දෙන ලදී.

එකම තීරයක් එකම මාවතක් “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් ” ශ්රී ලංකා (BRISL) යනු එකම තීරයක් එකම මාවතක් “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් ” (BRI) ව්යාපෘතිය යටතේ අධ්යාපනික, සංස්කෘතික, ව්යාපාරික සහ තාක්ෂණික සහයෝගීතාවය සම්බන්ධයෙන් විශේෂීකරණය වූ අධ්යාපන සහ උපදේශන වේදිකාවකි. චින්තන පර්ෂධ, මාධ්ය, පර්යේෂණ ආයතන, රාජ්ය ආයතන සහ ආයතනික අංශයට වටිනා හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට සහය වීමට සම්බන්ධ වන BRISL, BRI යටතේ සහ ඉන් ඔබ්බට සිදුවෙමින් පවතින වර්ධනයන්ගෙන් නැගී එන අවස්ථා ලබා ගැනීමට චීනය සහ සෙසු ලෝකය සමඟ සම්බන්ධතා ඇති කරයි. ඔවුන්ගේ සේවා කළඹට අධ්යාපන සේවා, පර්යේෂණ, ව්යාපාරික සංචාරක සහ ප්රවර්ධනය, සිද්ධි කළමනාකරණය, ආයතනික පුහුණුව සහ ව්යාපාරික දූත මණ්ඩල, විශේෂයෙන්ම ක්ෂුද්ර, කුඩා හා මධ්යම ප්රමාණයේ ව්යවසායන් (MSMEs) සඳහා ව්යාපාරික අවස්ථා නිර්මාණය කිරීම ඇතුළත් වේ.

වැඩි විස්තර [email protected] වෙත ලිවීමෙන් හෝ 0094770579277 ඇමතීමෙන් ලබා ගත හැක.

බෙල්ට් රෝඩ් ඉනීෂියේටිව් ශ්රී ලංකා සමාජ මාධ්ය පිටු:
https://www.facebook.com/brisl.org/
https://twitter.com/BRI_SL,
https://www.linkedin.com/company/oborsrilanka/
https://www.youtube.com/channel/UCR0yaGBgteYVBkBjqp98HQg

More articles

Latest article