27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

බෑන් කී මූන් ශ්‍රී ලංකාවට

Must read

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව පෙබරවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

වාර්තාවලට අනුව, සෝල් හි පිහිටි ගෝලීය හරිත වර්ධනය ආයතනයේ (GGGI) වත්මන් සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා පෙබරවාරි 06 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාසවලට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් කරනු ඇත.

සිය සංචාරය අතරතුර, බැන්කී මූන් මහතා ශ්‍රී ලංකාවේ යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳව ද අවධානය යොමු කරන ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා පෙබරවාරි 07 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

More articles

Latest article