27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

චතුරංගගේ උපන්දිනය වෙනුවෙන් දයාන් විතාරණ මුහුණුපොතේ තැබූ සටහන

Must read

ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක් වන චතුරංග කොඩිතුවක්කුගේ උපන්දිනය වෙනුවෙන් දයාන් විතාරණ මහතා ඔහු විසින් චතුරංගගේ ගත් ඡායාරූප කිහිපයක් සමග සිය මුහුණුපොතේ සටහනක් තබා ඇති අතර එම සටහන පහතින් දැක්වේ.

චතුරංග කොඩිතුවක්කු මල්ලිට චතුර රඟ සේනා මැද මියැසි සර රැව්දෙන උපන්දිනකට සුබාසිරි ……………………………….

නව පරපුරේ නැගී එන ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක්, රූපවාහිනී නිවේදකයෙක් සේම දක්ෂ කැමරා ශිල්පියෙක් ද වන චතුරංග කොඩිතුවක්කු අද දින සිය උපන්දිනය සමරයි.

පවුලේ එකම දරුවා ලෙස උපන් ඔහු ගොඩගම සුභාරතී මහමායා විද්‍යාලයෙන් සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, අනතුරුව හෙතෙම ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාව හදාරනු ලැබීය.

ඡායාරූප ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට එක්වී පසුව නිරූපණ ක්ෂේත්‍රය හරහා ක්ෂේත්‍රයේ ජනාදරයට පත්ව, එයින් ද මතුව රංගනයට ඔහු අවතීර්ණ වනුයේ ගීත රූප රචනා සහ වෙළෙඳ දැන්වීම් සමගිනි. සංදේශ් බණ්ඩාරගේ ගීත රූප රචනා ඔස්සේ කැපීපෙනෙන තරුවක් සේ දක්නට ලැබුණු ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ”හදවතේ කතාව” ටෙලිනාට්‍යයේ ත්‍රිෂාලා නතාෂි සමගින් ප්‍රධාන චරිතය රංගනය කළේය.

”ලංවී” නමින් මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍යයේ ද ප්‍රධාන චරිතය නිරූපණය කරන ඔහු මේ දිනවල හිරු නාලිකාවේ වැඩසටහන් නිවේදකයෙකු ලෙස ද දක්නට ලැබේ.

මගේ හිතවත්, ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන කුෂාන් ජයසිංහගේ මවගේ උපන්දිනය වෙනුවෙන් මා මාතර පිහිටි ඔහුගේ නිවසේ සාදය වෙත කැටුව ගියේ චතුරංග සහ මියැසි විසින් වන අතර මා හට මහත් ගරුසරු ඇතිව ඔවුන් සලකමින් මගේ වැඩ කටයුතු වෙනුවෙන් ද දැක්වූ සහය සිහිපත් නොකොට බැරි ය.

මා එහි ගත කළ දින දෙක තුළ මා චතුරංගගේ අයුරු කිහිපයකින්ම ඡායාරූප ගත් අතර ඔහු මෑතකදී දක්නට ලැබුණු වඩා ඡායාකාන්ත නළුවෙකු යැයි පැවසීම අසාධාරණ නැතැයි සිතේ. එමෙන්ම මගේ ඡායාරූප කිහිපයක් ගැනීමට ඔහුට දුන් විට ද ඔහු එය මනා ලෙස ගත් අතර එවිට නොදැන සිටියත් මා පසුව ඔහු ප්‍රකට කැමරා ශිල්පියෙකු බව දැනගත් හෙයින් එහිද අරුමයක් නොවී ය.

කලාවේ දිගු ගමනකට සුබාසිරි සමගින් මා ඔහුගේ ගත් ඡායාරූප පෙළක් මේ සමග ඔහුගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ ඔහුට තිළිණ කරන්නෙමි.
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ඔහුට ආසිරි පතමි !!!

More articles

Latest article