31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම් කමිටුවේ සැලසුම් වාර්තාව ලබන සතියේ

Must read

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කළ කමිටුවේ මූලික සැලසුම් වාර්තාව ලබන සතියේදී ලැබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) ප්‍රකාශ කළේය. මූලික සැලසුම අනුව ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ මාස දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විද්වතුන් අට දෙනකුගෙන් යුක්ත කමිටුවක් මඟින් මේ සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පැවසීය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වසර 2005 දි විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස 14,508ක් වූ අතර 2010 වසර අවසන් වන විටදී 15366ක් බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වසර 10ක් පුරා එම ආයතනයට සේවක බඳවා ගැනීම් සිදු කළේ 1000ක් පමණ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

More articles

Latest article