32 C
Colombo
සිකුරාදා, මැයි 10, 2024

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට

Must read

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු වියයුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවියයුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවල සඳහන් වෙයි.

ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳ සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙසද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට මෙමගින් යෝජනා කොට ඇත.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවය’ යන්න සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබේ.

23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීමය.

More articles

Latest article