27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Must read

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට දහවල් 1.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ අඹතලේ බලශක්තිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාළව නව සම්ප්‍රේෂණ නළ එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවය.

More articles

Latest article