27.7 C
Colombo
බදාදා, මැයි 1, 2024

චීනය පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් දිවයිනට

Must read

චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගයේ පළමු කොටස රැගත් ගුවන්යානය අද (27) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

අප වාර්තාකරු පැවසුවේ චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මගින් අද උදෑසන 8.00ට එම එන්නත් තොගය රැගෙන ආ බවය.

මීට අමතරව දෙවන තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය චීන රජය එක් වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය වේ.

එමෙන්ම මෙම එන්නත් තොගය සමග චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27කි.

More articles

Latest article