31.5 C
Colombo
සිකුරාදා, මැයි 3, 2024

ජූනි හතෙන් පසුව රට වහන්න මෙතෙක් තීරණයක් ගෙන නෑ – යුද හමුදාපති

Must read

පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පැතිරයන කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් 21 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ලබන ජුනි මස 07 වැනිදා තෙක් දීර්ඝ කළ ද එතැන් සිට නැවත වරක් එම සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සදහන් කළේය.

එම සංචරණ සීමාව තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ කටකතා පැතිරෙමින් යන බවත්, එසේ සංචරණ සීමා දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත කමිටුවෙන් බවත් යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

More articles

Latest article