27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

එක මතයකට එන්න – ජනපති මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

Must read

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි ප්‍රතිචාර දක්වා තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු අතර ඊට අවශ්‍ය නිදහස කොමිසමට බාර දී ඇති බවය.

එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම සාමාජිකයින් පිරිස දැනුවත් කර ඇති අතර ඒ සඳහා නීතිමය සහයෝගය ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ප්‍රකාශ කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මත 4ක් දැරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවය.

More articles

Latest article