25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ඉන්ධන විකුණන්න සුදුසුකම්ලත් විදෙස් සමාගම්වලට නොවැම්බරයේ සිට ඉඩ

Must read

මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදා හැරීමට සහ ඉන්ධන අලෙවි කිරීමට නොවැම්බර් මස වන විට සුදුසුකම්ලත් සමාගම්වලට අවස්ථාව දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1,250න් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත දීම වෙනුවෙන් කරන වැඩපිළිවෙළ පිළිබඳ පසුගිය 20 දා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ තොරතුරු හෙළි කෙරිණි.

පුවත්පත්වල පළ කරන ලද අභිලාෂ කැඳවීමේ දැන්වීමට අනුව යෝජනා ඉදිරිපත් කරන ලද සමාගම් 24 අතුරින් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයක් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදා හැරීමට සහ ඉන්ධන අලෙවි කිරීමට තෝරාගෙන තිබේ.

More articles

Latest article