29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

Must read

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුරෙන් ආපදාවන්ට ලක්වී සිටින ජනතාවට සහන සලසන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඊට අදාළ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදුවිය.

කළුතර, ගම්පහ, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අදාළ සාකච්ඡාව පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා එහිදී සඳහන් කර ඇත්තේ, ගංවතුරින් අපදාවලට පත් ජනතාවට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන්කර ඇති බවය.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාරයට ද උපදෙස් දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබාදීමට පියවරගන්නා ලෙසය.

More articles

Latest article