33 C
Colombo
බදාදා, මැයි 8, 2024

විදේශ කටයුතු අමාත්‍යවරයා කාම්බෝජයේ පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයට සහභාගී වෙයි

Must read

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි මැතිතුමා 2022 අගෝස්තු 4 සිට 5 වැනි දින දක්වා පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා කාම්බෝජයේ නොම් පෙන් බලා පිටත්ව යාමට නියමිත ය.

ආසියාන් කලාපීය සංසදය සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඊට සාමාජික රටවල් 10 ක්, සංවාද හවුල්කරුවන්, නිරීක්ෂකයන් සහ ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, යුරෝපා සංගමය (EU), ඉන්දියාව, ජපානය, නවසීලන්තය, කොරියානු ජනරජය, රුසියාව, එක්සත් ජනපදය, බංග්ලාදේශය, කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව, මොංගෝලියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, පැපුවා නිව්ගිනියාව සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව 2007 වසරේ සිට මෙම සංසදයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරයි. ආසියාන් හි වත්මන් සභාපතිත්වය දරන කාම්බෝජය, “ASEAN A.C.T: Addressing Challenges Together” යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම සංසදය සඳහා සක්තාරකත්වය සපයයි.

ARF යනු පුළුල් ආසියානු පැසිෆික් කලාපය තුළ සම්මුතිය මත පදනම් වූ තීරණවලට එළඹීම සහ අවංක සංවාද පැවැත්වීම සඳහා ඉවහල් වන වැදගත් වේදිකාවක් වන අතර, එමගින් සාමාජිකයන්ට සිය ගැටළු සාකච්ඡා කිරීමට, සමූපකාර ක්‍රියාමාර්ග වර්ධනය කිරීමට මෙන්ම, පශ්චාද් කොවිඩ්-19 වසංගතය හමුවේ යථා තත්ත්වයට එළඹීම සහ ගෝලීය අභියෝගවලට සාමූහික විසඳුම් සෙවීම වැනි දැවෙන ගැටළු සඳහා වේදිකාවක් සපයනු ලැබේ. කොවිඩ් වසංගතය හමුවේ මෙම සංසදය භෞතිකව හමුවන පළමු අවස්ථාව වන්නේ මෙම අවස්ථාව යි.

අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා මෙම සංසදයට සමගාමීව අමාත්‍ය මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද අපේක්ෂා කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

More articles

Latest article