27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි 1321ක් අත්අඩංගුවට

Must read

මේ දක්වා දිවයින පුරා සිදුකරන ලද ඉන්ධන වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස ගබඩාකරගෙන සිටි ඩීසල් ලීටර් 155,502ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කර ඇත.

එසේම මේ දක්වා සිදුකර ඇති විවිධ වැටලීම්වලදී පෙට්‍රල් ලීටර් 44,777ක් සහ භූමිතෙල් ලීටර් 20,208ක ප්‍රමාණයක් ද සොයාගැනීමට සමත්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සමස්ත වැටලීම් 1387කදී නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම් ගබඩා කිරීම සහ අලෙවි කිරීමේ චෝදනා යටතේ සැකකරුවන් 1321ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අදාළ නිවේදනයෙන් පොලීසිය සඳහන් කර ඇත්තේ ඊයේ (09) දිනයේ පමණක් සිදුකළ වැටලීම්වළදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී පොලීසිය විසින් පෙට්‍රල් ලීටර් 2014ක්, ඩීසල් ලීටර් 238ක් සහ භූමිතෙල් ලීටර් 20ක් සොයාගැනීමට සමත්ව ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.

More articles

Latest article