28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කරයි

Must read

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බවය.

ඒ අනුව ඊයේ (15) රාත්‍රී එම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ නැහැ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඉතා පහළ අගයක් වාර්තා වේ.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42ක් ලෙස අද (16) උදෑසන සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.91ක් ලෙස සටහන්ව තිබුණි.

More articles

Latest article