28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

රුපියල් මිලියන 14ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Must read

ජාවාරම්කරුවන් විසින් වළ දමා තිබු රුපියල් මිලියන 14 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ගංජා තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස පාර්සල් විස්සක අසුරා වළ දමා තිබූ කේරළ ගංජා කිලෝ 49 ග්‍රෑම් 380 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදුකිරීමට නියමිත බව ද නාවික හමුදාව සඳහන් කළේය.

More articles

Latest article