25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

IMF නියෝජිතයින් සමග සාකච්ඡා ඇරඹේ

Must read

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාව ආරම්භ වී තිබේ.

මහ බැංකු පරිශ්‍රයේදී අදාළ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

එම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගී වී සිටින බව සඳහන්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට අදාළව ආර්ථික, මූල්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සඳහා අද දිවයිනට පැමිණි එම අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 31 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

More articles

Latest article