25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

මේ වෙද්දී ජීවිතයේ සැදෑ සමය ගත කරමින් නිදහසේ සතුටින් ජීවත් වනවා – අයිරාංගනී සේරසිංහ මහත්මිය

Must read

සුවහසක් ප්‍රේක්ෂක ජනතාවකගේ ආදරය දිනාගත්, අති දක්ෂ අද්විතීයිය අසහාය සහ ජනප්‍රිය ප්‍රවීන කලාකාරිනියක ලෙස හඳුන්වන්නට පුලුවන් එතුමිය තමයි, අයිරාංගනී සේරසිංහ කියලා කියන්නේ.

මෙතුමිය විසන් පළමුවතාවටම රංගනයෙන් දායකවුණු නිර්මාණයකට සම්මානයක් පවා ලබා ගන්නට හැකි වන්නේ මෙතුමිය තුළ රංගනය කෙරෙහි ඇති සහජ දක්ෂතාවය නිසාවෙනි.

රේඛාවේ “කතිරිනාහාමී” ගේ චරිතය සඳහා තමයි මෙතුමියට පළමු සම්මානය හිමිවන්නේ. ඒ සම්මානය තමයි හොඳම නිළියට හිමි “දීපශකා” සම්මානය කියන්නේ.

ඉතින් එදා සිට අද දක්වාම සම්මානයන් 35කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නට මෙතුමිය හර අපූරුවට සමත්වනවා. “ලොකු දුව, සාගරයක් මැද, හිම කතර, සුදු සෙවනැලි” වැනි ගුණාත්මක කලා නිර්මාණයන් රැසකටම පාහේ තම අපූරු රංගන දක්ෂතාවයන් දැක්වූ අයිරාංගනී සේරසිංහ නැමැති අද්විතීයය කලාකාරිනිය.

මේ වෙද්දී ජීවිතයේ සැදෑ සමය ගත කරමින් නිදහසේ සතුටින් ජීවත් වනවා. නමුත් මෙතුමියට එදා තරම් නම් හොඳ මතකයන් නම් නෑ. මෙතුමිය පරිසරයට හරි ලැදියාවක් තමයි දක්වන්නේ.

රට තුළ මේ උද්ගත වෙලා තියන තත්වය ගැන මෙතුමිය කියන්නේ නම් මෙන්න මේ වගේ හරි අපූරු කථාවක් තමයි. “ගොඩක් වෙලාවට මිනිසුන් පරිසරයට අනුගත නොවුණු නිසා තමයි ඔහොම දෙයක් සිද්ධ වුණේ.

අපි කිසි කෙනෙක් හීනෙකින්වත් හිතුවද මේ වගේ දෙයක් වෙයි කියලා. මම නම් කියන්නේ මේක සොබාදහම මිනිසුන්ට දෙන දඬුවමක් කියලයි.

මුළු ලෝකේම මිනිස්සු වැඩියි කියලානේ කීවේ. ඒකට සොබාදහම මේ වගේ දෙයක් කලා. අපිට තේරෙන්නේ නෑ අපි පරිසරයෙන්ම හැදිච්චි කොටසක් කියලා.

පරිසරය විනාශ කරොත් අපිත් විනාශ වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නෑ” කියලත් ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලබා ඇති අයිරාංගනී සේරසිංහ මහත්මිය ඒ ඉගෙන ගන්නා කාලේදී නම් ආදරේ ගැන හිතුවේවත් නෑ ලු.

ඒ කාලේ ඇවිත් තිබ්බ යෝජනාවක් එහෙම්ම නැතිවෙලා ගියාලු. ඒ වගේම මෙතුමිය මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ නම්, “මගේ ලෙකු පුතා ඉපදුණු දවස තමයි අපේ ජීවිතයේ හොඳම දවස වුණේ.

දැන් මම ඉන්නේ මගේ ලොකු පුතාත් සමඟිනුයි. දැන් මම ආත්තම්මා කෙනෙක්. හුඟදෙනෙක් කිව්වට අද කාලේ තරුණ ළමයි වැඩිහිටයන්ට දෙමාපියන්ට සලකන්නේ නෑ කියලා, මම නම් එහෙම හිතන්නේ නෑ. වින්ස්ටන් අද හිටිය නම් කෙච්චර දෙයක් ද?. එයාව හැමදාමත් මතකයේ ඉදිවී” කියලත් ය.

More articles

Latest article