26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

IMF ප්‍රගතිය පිළිබඳ මුදල් ඇමැතිගේ ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය මැයි 4

Must read

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් ඇමැති එම්.යූ.එම්.අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී කිරීමට අදාළ ප්‍රකාශය පිළිබඳ විවාදය මැයි 04 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. අමාත්‍යාංශ නිවේදන යටතේ අමාත්‍ය අලි සබ්‍රි මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර ඉන්පසුව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (22දා) පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 04, 05 සහ 06 තෙදින රැස්වීමට නියමිත අතර 06 වැනිදා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකිරීමට ද තීරණය වී ඇත.

මැයි 5 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වන අතර දිනට නියමිත වැඩකටයුතු යටතේ ශ්‍රී ශාක්යමසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත වේ. අනතුරුව රජය ගෙන එන යෝජනාවකට අනුව 2022 මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

More articles

Latest article