33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ශ්‍රී ලංකාව මුල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතුයි – IMF

Must read

මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙසත් බදු ඉහළ නංවන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මරී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවත්ය.

තීරණාත්මක වියදම් අවශ්‍යතා සපුරාලීම සඳහා බදු ආදායම වැඩි කරගත යුතු බව ද උද්ධමනය පාලනය කර ගැනීමට මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බව ද ඇය පෙන්වා දී තිබේ.

පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකා නියෝජිතයින් සමග ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බව ද ඈන් මරී සඳහන් කළ බව විදෙස් වාර්තා පැවසුවේය.

ශ්‍රී ලංකාව මේවන විට විදේශ ණය වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාරයක් ඉල්ලා තිබේ.

More articles

Latest article