25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරති

Must read

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසද, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙසද, මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසද මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත.

කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.

More articles

Latest article