28.9 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳ ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

Must read

රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා කැරට් 22ට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අංක 2312/77 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිංයඹලාපිටිය මහතා පවසයි.

මීට පෙර අවස්ථාවක දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ආදායමක් රටට අහිමි වන බවයි.

රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අදාළ ගැසට් නිවේදනය හරහා විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී පැවසීය.

More articles

Latest article