28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

පැතුම් කර්නර් සොයා පොලිසිය නිවෙස් දෙකක් වටලයි

Must read

පාර්ලිමේන්තු පිවිසුමේදි යුද හමුදා සෙබළු දෙදෙනකුට පහරදී ගිනි අවි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පොලිසියට අවශ්‍යව සිටින අරගලයේ ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් නමැති අය සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (26) රාත්‍රි කාලයේ නිවෙස් දෙකක් වටලා තිබේ. එක් නිවෙසක් වටලා ඇත්තේ කැලණිය දික්පිටිගොඩදීය. පැතුම් කර්නර් දින දෙකකට පෙර එම ප්‍රදේශයේ රැඳී සිට ඇති බවට ලද තොරතුරකට අනුව එම වැටලීම කර ඇත.

වැටලීමට ලක්වූ දෙවැනි නිවෙස පිහිටා ඇත්තේ සියඹලාපේය. පැතුම් කර්නර්ට අයත් බව කියන නිවෙසක් එහිදී වැටලීමට ලක්ව තිබේ.එහෙත් පැතුම් කර්නර් ගැන කිසිදු තොරතුරක් එහිදී පොලිසියට සොයා ගැනීමට නොහැකි වී ඇත.

More articles

Latest article