25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

පාර්ලිමේන්තුව වටලන්න සෙනග කැදවූයේ බිමල්, ලාල්කාන්ත, හදුන්නෙත්තියි – පැතුම් කර්නර්

Must read

පසුගිය 13 වැනිදා ඔහු පාර්ලිමේන්තුව අසල පොල්දුව මංසන්ධියෙහි විරෝධතාවය ආරම්භ කළේ තමන් නොව ජනතා විමුක්ති පෙරමුණ විසින් බව සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් සඳහන් කරයි.

බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, ලාල්කාන්ත එම ස්ථානයට පිරිස් ගැන කැදවූ බවත් පැවසූ ඔහු තමන් එම ස්ථානයට ගියේ එහි පැමිණි ජනතාවගේ සහයට බවද කියා සිටියේය.

එම සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට තමන් අපරාධ කොට්ඨාසය කැඳවනු ලැබූවද ඒ සඳහා සූදානම් වීමට අවශ්‍ය වීම සහ තමන් අසනීප තත්ත්වයකින් පසු වීම මත දින කිහිපයක් ඊට ප‍්‍රමාද වූ බවද ඔහු එහිදී පැවසීය

අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුට ගන්නා ලදී.

More articles

Latest article