31.5 C
Colombo
සිකුරාදා, මැයි 3, 2024

කුරුණෑගල නගරාධිපතිට උපන්දිනය සැමරීමට ඉඩදුන් සහකාර පොලිස් අධිකාරිට ස්ථාන මාරුවක්

Must read

කුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිය උපන්දිනය සැමරීමට ඉඩදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ව මාරුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ස්ථාන මාරුව ට අදාළ තීරණය පොලිස් මූලස්ථානය ගත් බවය.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි.

එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුකර තිබිණි.

More articles

Latest article