33 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

කුරුණෑගල නගරාධිපතිගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹේ

Must read

පිරිත් දේශනාවක් අතර තුර සංවිධානය කර තිබු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

දෙරණ නාලිකාවෙ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම සිදුවීම නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බවය.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි.

පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද එම අවස්ථාවේ දී සිදුවිය.

ඊට අදාළ වීඩියෝව පහතින්…..

More articles

Latest article