27.2 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

අලුත උපන් බිළිඳු දරුවකු ඝාතනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Must read

දරු ප්‍රසූතියෙන් පසු බිළිඳු දරුවකු මරණයට පත්කර මළ සිරුර ළිඳකට දැමීමේ සිද්ධියකට අදාළව වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2017 වසරේ උඩුමහළ පාර, මඩකලපුව ප්‍රදේශයේ පිරිමි දරුවෙකුගේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී හමුවීම සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය විසින් සිදුකළ දිර්ඝ විමර්ශනයකින් අනතුරුව පසු අනාවරණය කර ගත් තොරතුරු අනුව මෙලෙස වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර වෛද්‍යවරයා මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

2017 වසරේ දී සැකකාර වෛද්‍යවරයා තම බිරිඳ සමග කුලී පදනම මත උඩුමහළ පාර, මඩකලපුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇත.

එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසේ දී ප්‍රසූත කරන ලද බිළිදෙකුව හුස්ම හිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයා ට චෝදනා එල්ලව තිබේ.

සැකකරු අද (26) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

More articles

Latest article