27 C
Colombo
බදාදා, මැයි 8, 2024

සමාජයට විහිළුවක් වෙන විදියේ වැඩ කලාම අපිව ගණන් ගන්නේ නැති තැනට වැටෙනවා – මහේෂී මධුසංකා

Must read

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කොයි කාගෙත් ආදරය හිමිකරගෙන ඉන්න දක්ෂ මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි මහේෂී මධුසංකා කියන්නේ.

ඇත්තෙන්ම පුංචි තිරයේ නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇයට මේවෙනකොට ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය ඇගේ වර්තමාන ජීවිතය ගැන වගේම ඉදිරි කලා කටයුතු ගැන අදහස් දක්වමින් කියල තිබුණේ අලුත් මුහුණු නිතරම කලාවට එනවා එතකොට ඒ අයටත් තැනක් දෙන්න ඕනේ කියලයි.

ඒ විතරක් නොවෙයි හැමදාම කලාවේ රැඳිලා මගේ කියලා හිතාගෙන ඉන්නේ නැහැ කියන මහේෂී කියන්නේ නිර්මාණ වලට ආරාධනා ලැබුනොත් ඉඩ තියන හැටියට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා කියලයි.

තවද පලවෙනි බබා ලැබිලා අවුරුද්දකට විතර පස්සේ මම ආයෙමත් රඟපෑවා කියන ඇය දෙවැනි බබා ලැබුනට පස්සේ තාම රඟපාන්න ගියේ නැහැ කියලයි පවසන්නේ.

ඒ වගේම දරුවන්ගේ වැඩත් එක්ක ගෙදරින් පිට දින ගණනක් ඉන්න අපහසුයි කියන ඇය මගේ සැමියාත් කාර්යබහුල රැකියාවක් කරන නිසා එයාටත් නිතරම ගෙදර ඉන්න වෙන්නේ නැහැ කියලයි කියන්නේ.

ඉතින් මමත් බිසී වුනොත් ගෙදර වැඩක් කරන්න දරුවෝ ගැන බලන්න කෙනෙක් නැහැනේ කියන ඇය පවසන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි පවුලේ වැඩ වලට මුල්තැන දෙන්න ඕනේ කියලයි.

මේ අතර බාල මහලු තරුණ බේදයක් නැතුව හැමෝම මට ආදරේ කරනවා කියන ඇය ප්‍රේක්ෂක ආදරේ කියන දේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ කියලයි පවසන්නේ.

තවද ටෙලිනාට්‍ය දහයක පෙනී හිටියත් මිනිස්සුන්ගේ හිතට දැනෙන චරිතයක් නෙවෙයිනම් අපිව ඉක්මනින්ම අමතක වෙලා යනවා කියලයි ඇය කියන්නේ.

ඒ විතරක් නොවෙයි සමාජයට විහිළුවක් වෙන විදියේ වැඩ කලාම අපිව ගණන් ගන්නේ නැති තැනට වැටෙනවා කියන ඇය විශේෂයෙන්ම දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදිහට ඒ වගකීම් යුතුකම් ගැන හොඳින්ම සැලකිලිමත් වෙනවා කියලයි කියන්නේ.

තවද බබාලා ඉස්සරහට දාලා මට ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන ඇය මම කොහොමත් චරිත ඉල්ලගෙන පස්සෙන් යන කෙනෙක් නෙවෙයි කියලයි පවසන්නේ.

අපි රංගනයේදී කොච්චරනම් මහන්සි වෙනවද කියන ඇය ඒවාට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරේ සහ ප්‍රතිචාර දැක්කම මහන්සිය නැති වෙනවා කියලයි කියන්නේ.

මේ අතර නිලියක් වුන එකෙන් ලැබිච්ච වටිනාම දේ තමයි ජනතා ආදරය කියල කියන ඇය බොරු ප්‍රශ්න හදාගෙන ගොසිප් වලින් ජනප්‍රිය වෙලා වැඩක් නැහැනේ කියලයි පවසන්නේ.

ඒ වගේම කටකතා කියන දේවල් සාමාන්‍යයෙන් ඕනෑම කලාකරුවෙකුට හැදෙනවා කියන මහේෂී ඒවා තවත් වැඩි කරගන්න එක නෙවෙයි කරන්න ඕනේ කියලයි කියන්නේ.

ඒ විදිහට අදහස් දක්වන ඇය අවසාන වශයෙන් කියන්නේ මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙන විදියට වැඩ කරලා පුංචිම ජනප්‍රියත්වයක් ලැබුවත් එක හිතටත් සහනයක් කියලයි.

More articles

Latest article