29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ගංවතුර අවදානම අවම කිරීමට නාවික හමුදාවෙන් පාලම් ආශ්‍රිතව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

Must read

පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් සිදුකර ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම අවම කිරීමට කටයුතු කෙරිණි.

අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමෙන් ගඟ දෙපස ඇති උණ පඳුරු කොටස්, දැව කඳන් ඇතුළු අපද්‍රව්‍ය සැඩ ජල පහරට ගසාගෙන විත් ගිං ගඟ හරහා ඇති පටු පාලම් ආශ්‍රිතව සිරවීමෙන් ජලය බැසයාම අවහිර වේ. මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන නාවික හමුදාව, ගිං ගඟ හරහා ගාල්ල ප්‍රදේශයේ ඇති පාලම් ආශ්‍රිතව සිරවෙන අපද්‍රව්‍ය ඉවත් කර ගංවතුර අවදානම අවම කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාව විසින් දකුණු නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමකින් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත්කිරීම සඳහා 2022 අගෝස්තු 03 දින සිදු කල මෙම මෙහෙයුම මඟින්, ජලය බැසයාම අවහිරවන ලෙස සිරවී තිබූ උන පඳුරු, දැව කඳන් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, ප්‍රදේශයේ ඇති විය හැකිව තිබූ ගංවතුර අවදානම අවම කිරීමට කටයුතු කෙරිණි.

More articles

Latest article